ලෝක ශ්‍රවණ දිනය - මාර්තු 3

සෑම වර්ෂයකම ලෝක ශ්‍රවණ දිනය මාර්තු 3වන දිනට යෙදෙයි. මෙවර ද ලෝක ශ්‍රවණ දිනය 2019 මාර්තු 3 වන දිනට යෙදෙන අතර එහිදී වැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ ශ්‍රවණාබාධයන් කල් ඇතිව හඳුනා ගැනීම සහ ඒ සඳහා නිසි පිලියම් නිසිකලට යෙදීම මඟින් කල්යාමේ දී එමඟින් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල මඟ හරවා ගැනීම හෝ අවමකර ගැනීම යි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් සිදු කර ඇති සමීක්ෂණ අනූව ලෝක ජනගහනයෙන් 5.3% ක්(පුද්ගලයින් මිලියන 360 කට අධික ප්‍රමණයක්) ශ්‍රවණාබාධයන් නිසා අද පීඩා විඳිනු ලබ යි.මෙයින් 91% ක් වැඩිහිටි පුද්ගලයින්ය.එමෙන්ම ලෝක වැඩිහිටි ජනගහනයෙන් 15% ක් පමණ හඳුනානොගත් ශ්‍රවණබාධයන් සහිතව ජීවත්වෙයි.මෙහිදී අප වඩා සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ මෙම තත්වය වැඩි වශයෙන් දකුණු ආසියාතික රටවල දක්නට ලැබීමයි.

ශ්‍රවණය අපට වැදගත් වන්නේ ඇයි?

දෙදෙනෙකු අතර සන්නිවේදනයේ ප්‍රධානම අංගයක් වන්නේ නිවරදි ශ්‍රවනයයි.එමඟින් අපව බාහිර ලෝකය හා සම්බන්ධ කරන අතර බාහිර ලෝකයේ සිදුවන අනතුරුදායක තත්වයන්ගෙන් මිදී සිටීමටද උපකාරී වේ.

ශ්‍රවණබාධයන් ඇති වන්නේ කෙසේ ද?

ශ්‍රවණබාධයක් උපතේ දී හෝ උපතින් පසු ඕනෑම අව්ස්ථාවක ඇති විය හැක.උපතේදී ඇතිවන ශ්‍රවණබාධයන් ජානමය වශයෙන් හෝ උපතේදී ඇතිවන විවිධ සංකූලතා හෝ ආසාදන තත්වයන් නිසා ඇතිවේ.උපතින් පසුව ඇතිවන ශ්‍රවණාබාධයන් බාහිර කන,මැද කණ හා ඇතුල් කණ ආශ්‍රිතව ඇතිවිය හැක.බාහිර කන හා මැද කණ ආශ්‍රිතව ඉතා සුලභව දැකිය හැකි රෝගී තත්වයන් වනුයේ බාහිර කන තුල කන් කලාඳුරු සිර වීම,විවිධ ආගන්තුක ද්‍රව්‍ය සිරවීම, විවිධ ආසාදන තත්වයන් , කන් පෙත්ත හා බාහිර ශ්‍රවණ නාලය ආශ්‍රිතව ඇතිවන ඇතැම් ව්‍යුහමය අසාමාන්‍යතාවන්,කන් බෙරය සිදුරු වීම,මැද කන තරලයකින් වැසී යාම සහ මැද කනේ අස්ථි ආශ්‍රිතව ඇතිවන විකෘති තතත්වයන් ය . අධික ශබ්ද වලට නිරාවරණය වීම,වයස්ගත් වීම,ඇතැම් ඖෂධ නියමිත මාත්‍රාවට වඩා භාවිත කිරීම , දියවැඩියාව වැනි ඇතැම් රෝගී තත්වයන් මඟින් සහ විවිධ ආසාදන තත්ව මඟින් ඇතුල් කණේ ශ්‍රවණ සංවේදී සෛල හා ස්නායු දුර්වල වීමෙන් ද ශ්‍රවණ ඌනතාවයක් ඇති විය හැක.

ශ්‍රවණබාධ සඳහා ඇති පිලියම් මොනවාද?

බාහිර කණ හෝ මැද කණ ආශ්‍රිතව ඇතිවන රෝගාබාධයන් බොහෝ විට ඖෂධ මඟින් හෝ ශල්‍යකර්ම මඟින් සුව කළ හැකි වුව ද ඇතුල් කනේ ශ්‍රවණ සංවේදී සෛල හා ස්නායු දුර්වල වීම නිසා ඇතිවන ශ්‍රවණ දුර්වලතාවය ඖෂධ මඟින් නැවත යථා තත්වයට ගතනොහැකි ය.මෙවන් අවස්ථාවකදී තම ශ්‍රවණ වාර්තාවට අනූව ඊට ගැලපෙන ශ්‍රවණාධාරයක් භවිතා කිරීම මඟින් එහිදී ඇතිවන ගැටලුකාරී තත්වයන් මඟ හරවා ගත හැක.

ශ්‍රවණාබාධයක් කලින් හඳුනාගත යුත්තේ ඇයි?

බොහෝ විට දරුවන්ගේ කථන හැකියාව ඉතා හොඳින් වර්ධනය වන්නේ අවුරුදු 2-5 අතර කාල සීමවේදී ය.එම නිසා මෙම කාල සීමාවට පෙර ඔවුන්ගේ ශ්‍රවණය පරීක්ෂා කර ශ්‍රවණාබාධයක් ඇත්නම් ඊට නිසි පිලියම් යෙදීම මඟින් ඔවුන්ගේ කථන හැකියාව වඩාත් හොඳින් වර්ධනය කරගත හැක.

වයසට යාමත් සමඟ ඇතිවන ශ්‍රවන ඌනතා මූලික අවස්ථාවේ දී බොහෝ දෙනා විසින් නොසලකා හරිනු ලබයි.වයසත් සමඟ ශබ්ද ඇසීමේ හැකියාව මෙන්ම ශබ්ද පැහැදිලි කර ගැනීමේ හැකියාව ද ක්‍රමක්‍රමයෙන් අඩු වේ.මෙහිදී අවශ්‍ය ප්‍රතිකාර මූලික අවස්ථාවේ දී සිදු නොවුනහොත් මෙම තත්වය තව දුරටත් වර්ධනය වේ. එමඟින් ඔවුන් මානසික හා සාමාජීය වශයෙන් දුර්වල වන අතර මේ හේතුවෙන්ම විශාදය,ඩිමෙන්ෂියා (මතක ශක්තිය අඩු වීම) වැනි ඇතැම් රෝගී තත්වයන්ට ලක් වීමෙන් අද බොහෝ වැඩිහිටි පුද්ගලයින් පීඩා විඳිනු ලබයි.

මේ හේතුවෙන්, ශ්‍රවණාබාධයක් ඇතිවිය හැකි ක්‍රම පිළිබඳව දැනුවත්ව සිටීම හා එමගින් ඇතිවන අවධානම් සහගත තත්වයන් පිළිබඳව දැනුවත් ව සිටීම මඟින් ශ්‍රවණාබාධයන් කලින් හඳුනාගෙන ඊට නිසි පිලියම් යෙදීම් තුලින් වඩාත් නීරෝගීමත් ජීවිතයක් ගත කල හැක.

ශ්‍රවණාබාධයකට ලක් වීමේ වැඩි අවධානමක් ඇත්තේ කාහට ද?

1)අධික ශබ්ද වලට නිරාවරණය වන්නන් -

අධික ශබ්ද වලට (85dB ට වැඩී) දීර්ඝ කාලීනව නිරාවරණය වීම හෝ එකවර ඉතා විශාල ශබ්දයකට (උදා- රතිඤ්ඤා හඬ, වෙඩි පුපුරන හඬ) නිරාවරනය වීම මඟින් ඔබට ශ්‍රවණාබාධ තත්වයක් ඇතිවිය හැක.මෙහිදී විශේෂයෙන්ම ශබ්ද ආශ්‍රිත රැකියාවන් වල (උදා- සංගීත කණ්ඩායම් වාදකයින්, දුරකථන ක්‍රියා කරවන්නන්,වඩු කාර්මික ශිල්පීන්) නිරතවන පුද්ගල්යින් මෙන්ම දීර්ඝ වේලාවක් වැඩි ශබ්දයකින් සංගීතය හෝ වෙනත් වැඩසටහන් ශ්‍රවණය කිරීමට හුරු වූවන් ද එවන් ශබ්ද ආශ්‍රිත පරිසරයක ජීවත්වන්නන් ද අවුරුදකට වතාවක් හෝ තම ශ්‍රවණ තත්වය පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත් වේ.

2)අවුරුදු 50ට වැඩි පුද්ගලයින් දැනට සිදුකර ඇති සමීක්ෂණ වාර්තා අනූව ලොව පුරා වෙසෙන වැඩිහිටි ජනතාවගෙන් අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් ආසන්න වශයෙන් 1/3 ක් පමන පිරිසක් ශ්‍රවණාබාධ නිසා විවිධ ගැටළුකාරී තත්වයන්ට මුහුන පා සිටී. විශේෂයෙන්ම වයස් ගත වීමත් සමඟ ශබ්ද ඇසීමේ හැකියාව මෙන්ම ශබ්ද පැහැදිලි කර ගැනීමේ හැකියාව ද ක්‍රමක්‍රමයෙන් අඩුවන බැවින් අවුරුදු 50 න් පසුව තම ශ්‍රවණ තත්වය වරින්වර පරීක්ෂාකර ගැනීම ඉතා වැදගත් ය.

3) කන ආශ්‍රිත රෝගාබාධයන්ට ලක්වූවන්

4) පරම්පරාවෙන් ශ්‍රවණාබාධ ඇතිවීමේ (ජානමය )පසුබිමක් ඇති පුද්ගලයින්

5) දියවැඩියාව වැනි ඇතැම් රෝගී තත්වයන් සහිත පුද්ගල්යින් සහ ශ්‍රවණ හැකියාවට හානි කරන බෙහෙත් භාවිතා කරන පුද්ගල්යින්(උදා-පිලිකා තත්වයන්)

ශ්‍රවණාබාධයක් නිස ඇතිවන ගැටළු මඟහරවා ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ තම ශ්‍රවණය වරින්වර පරීක්ෂා කරගැනීමට තමන් විසින්ම උනන්දු වීමයි.මේ හේතුවෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවර තම ශ්‍රවණය පර්‍රක්ෂා කරගත හැකි මෘදුකාංගයක් ද ඉදිරිපත් කිරීමට නියමිත ය.ඔබටත් ඔබගේ ශ්‍රවණය පරීක්ෂාකර ගැනීමට අවශ්‍ය නම් හෝ දැනටමත් මඳ වශයෙන් හෝ ශ්‍රවණ ඌනතාවයක් ඇතැයි ඔබට හැඟෙන්නේ නම්, ඒ සඳහා සුදුසුකම් ලත් ශ්‍රවණවේදියෙකු වෙත හෝ ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත හෝ යොමු විය යුතුයි.

නොමිලේ ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කර ගැනීම සදහා වෙලාවක් වෙන් කර ගැනීමට පහත අංකයට කතා කරන්න. ඉසුරි වීරසුරිය - ශ්‍රවණවේදී 077 951 2830

ශාකා කොළබ , මිගමුව , ගම්පහ , කළුතර , වව්නියා , ගාල්ල , මහනුවර , අනුරාධපුරය ,මඩකලපුව ,යාපනය ,කිලිනොච්ච්ය ,මන්නාරම මාතර , රත්නපුර , ත්‍රිකුණාමලය , බණ්ඩාරවෙල , මොනරාගල , පානදුර ,


Featured Posts
Recent Posts
Archive
Search By Tags
No tags yet.
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
Call and schedule a FREE HEARING consultation today!

+94 112680590

  • Wix Facebook page
  • Google+ App Icon
  • LinkedIn App Icon
  • YouTube Classic

Tel

+94 11 26 82 170

+94 11 75 75 100

 

Mobile 
+94 77 77 69 706 
+94 77 76 93 948
Email - hearingsolutions@visioncare.lk

Address

No.20, 

Hedges Court,

Colombo 10,

Sri Lanka.

@2023 by Vision Care Optical Service (Pvt) Ltd