ශ්‍රවණ  උපකරණ සේවා (Service) කර ගැනීම පිළිබද ඔබ දැනුවත්ද ?

ශ්‍රවණ උපකරණ සේවා කර ගැනීම පිළිබද ඔබ දැනුවත්ද ?

වර්තමානයේ බොහෝ දෙනෙකු ශ්‍රවණ ඌණතා සදහා ශ්‍රවණ උපකරණ භාවිතයට පුරුදුව සිටියි. එහෙත් ඒවායේ නිවැරැදී ආරක්ෂාකාරී පැවැත්ම පිලිබදව අවධානය යොමු කරනුයේ සුළු පිරිසකි. ශ්‍රවණ උපකරණය පිළිබදවද අවධානය යොමු කිරීම ඉතා වැදගත්වේ. යම් අයෙකුගේම ඇසීම ඔහුට හෝ ඇයට ආවේනිකවේ. එබැවින් ශ්‍රවණ උපකරණ පළදින ඔබගේ විශේෂ සහ කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ඔබේ ශ්‍රවණ උපකරණද සකස් කිරීම හා වෙනස් කිරීම සහතික කිරීම අවශ්‍යවේ. ඒ සමගම ශ්‍රවණ උපකරණය සේවා කර ගැනීමද කළ යුතුය.

එමෙන්ම බොහෝ දෙනෙකුට ශ්‍රවණ උපකරණය සේවා කර ගැනීමට මතක් වනුයේ එහි තාක්ෂණික දෝෂයක් ඇති වූ විටය. ශ්‍රවණ උපකරණයක් යනු කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණයකි. මෙවැනි උපකරණ එදිනෙදා භාවිතයේදී සේවා කර ගැනීම අවශ්‍යවේ.එයට හේතුව එමගින් මෙවැනි උපකරණ වල ඇති වන්නාවූ තාක්ෂණික දෝෂ අවම කර ගැනීමට හැකිවන බැවිනි. මේ නිසා ශ්‍රවණ උපකරණද සේවා කර ගැනීම එහි මනා ක්‍රියාකාරිත්වයට හේතුවක් වේ.

ඔබ ශ්‍රවණ උපකරණය මිළදී ගන්නාවිට ඒ සදහා ලබා දෙනු ලබන උපදෙස් පිළිපැදීම ඉතා වැදගත්වේ. ශ්‍රවණ උපකරණය මිලදී ගන්නා ආයතනයට එය සේවා කිරීම පිළිබද වගකීමක් ඇත. මේ නිසා ඔබ ශ්‍රවණ උපකරණයක් මිළදී ගැනීමට අපේක්ෂා කරයි නම් එය සදහා ඔබ වියදම් කරන මුදල මෙන්ම අලෙවියෙන් පසු සේවාව පිළිබදවද සොයා බැලීම වැදගත් වේ.

ශ්‍රවණ උපකරණයක් මාස 03 කට වරක් සේවා කරගත යුතු බව ලොව පුරා ශ්‍රවණවේදීන්ගේ මතයවේ. එසේ සිදුකිරීමට ඇති අවශාතාවය වනුයේ, දූවිලි, සමේ සෛල සහ කලාදුරු මගින් ඔබේ ශ්‍රවණ උපකරණය මයික්‍රෝෆෝනය අවහිර වීමආරක්ෂා කර ගැනීම, බිම වැටීම්, ජලයෙන්, දහඩිය හෝ පාරිසරික සාධක හේතුවෙන් ඇති වන දෝෂ හදුනා ගැනීම, පරිපථ වල ඇති දුර්වලතා හදුනා ගැනීම, මලකඩ කෑමෙන් ආරක්ෂා කර ගැනීම ආදී කාරණා නිසාවෙනි. එමෙන්ම සූළු අලුත්වැඩියා කිරීම සඳහාද මෙය ඉමහත් අවස්ථාවක් වන අතර මෙය ඉහළ කාර්ය සාධනයක් සහිතව ශ්‍රවණ උපකරණය පවත්වා ගෙන යාමටද ඉවහල් වනු ඇත.

මේ නිසා ශ්‍රවණ උපකරණයක් පළදින ඔබ එය සේවා කර ගැනීමද සිදුකළ යුතු බව මතක තබා ගන්න. එමගින් ශ්‍රවණ උපකරණයේ ආයු කාලය වැඩි කර ගැනීමට හැකිවන අතර දෝෂ වලින් තොරව දිගු කලක් භාවිත කිරිමටද හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ශ්‍රවණ උපකරණ සේවා ආයතනයක් වන විෂන් කෙයා ඔප්ටිකල්ස් පුද්ගලික සමාගමේ ශ්‍රවණ පරීක්ෂණ අංශය මගින් ඔබ භාවිත කරන ඕනෑම වර්ගයක ශ්‍රවණ උපකරණ සේවා කර දීමට සුදානම් බව සතුටින් දන්වා සිටිමු. මේ සේවාව නොමිලේ ලබා ගැනීමට විෂන් කෙයා ශ්‍රවණ පරීක්ෂණ අංශය සමග සම්බන්ධවන්න.

අමතන්න මදුෂානි - 077 012 2763 - විෂන් කෙයා ගාල්ල ශාඛාව


Featured Posts
Recent Posts
Archive
Search By Tags
No tags yet.
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
Call and schedule a FREE HEARING consultation today!

+94 112680590

  • Wix Facebook page
  • Google+ App Icon
  • LinkedIn App Icon
  • YouTube Classic

Tel

+94 11 26 82 170

+94 11 75 75 100

 

Mobile 
+94 77 77 69 706 
+94 77 76 93 948
Email - hearingsolutions@visioncare.lk

Address

No.20, 

Hedges Court,

Colombo 10,

Sri Lanka.

@2023 by Vision Care Optical Service (Pvt) Ltd